‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි
මත්ද්‍රව්‍ය නමැති මායාකාරී කුණාටුවෙන් රටත් ඔබේ දරුවාත් අපි මුදා ගන්නවා
කුඩා කල්ලියකට රටත් ජනතාවත් විනාශ කරන්න දෙන්න බැහැ මේක ඔවුන්ට ගිය රට නොවෙයි
පොලිසිය, හමුදාව, රාජ්‍ය ආයතන සියල්ල එකතුවී ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදනවා
අම්මේ තාත්තේ මතට යොමුවුණු ඔබේ දරුවා පුනරුත්ථාපනයට ගෙනවිත් භාර දෙන්න ඔවුන් යහපත් කර ඔබට භාර දෙන්නම්
කුඩු විකුණන අයත් රට පැන්න අයත් ඉන්න රටවලුත් අපි දන්නවා
මත්ද්‍රව්‍ය කල්ලිවල පළමු බලය දේශපාලනය: ඒ බලය දැන් අවසන්
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අපේ රට වෙළාගෙන තිබෙන මායාකාරී ව්‍යසනය පරාජයට පත් කරන බවත් ඊට එරෙහිව හැප්පෙන්න තමාත් තම රජයත් සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඊයේ (30දා) පෙරවරුවේදී පැවසීය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ඉදිරි අයවැයේ වැඩි මුදලක් වෙන් කරන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව එක්කර ගනිමින් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවත් ජනපතිවරයා කීය.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, කුමාර සංගක්කාර, පැතුම් නිස්සංක මෙන්ම ප්‍රවීණ රංගවේදිනී අනෝජා වීරසිංහ සහ රත්නශ්‍රී විජේසිංහ, අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති රංග දිසානායක ඇතුළු පිරිස් මතට එරෙහිව රටම එකට මෙහෙයුමට එක්ව….
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ කිසිවකුටත් සැඟවී සිටීමට ඉඩ නොමැති බවට අවධාරණය කළ ජනපතිවරයා මතට ලොල් වී සිටින අයට ඉන් ඉවත්වන ලෙසත්, මත්ද්‍රව්‍ය විකුණන අය වහාම යටත්වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී දැනුම් දුන්නේය.
අපේ රටේ බන්ධනාගාරගත වන අයගෙන් සියයට 64ක්ම මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට සම්බන්ධ අය බවත් මේ ව්‍යසනය දරුවන්ගේ මුළු අනාගතයම විනාශ කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.



0 Comments