පසුගියදා නවසීලන්ත ජාතික තරුණියකට ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ආරුගම්බේහිදී රහසඟ පෙන්වා ඇති කළ අපහසුතාවය සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය පසුව ශ්‍රී ලංකාවේදී තවත් එවැනි අප්‍රසන්න සිදුවීමකට මුහුණදුන් සුදු ජාතිකයෙකු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් පළ කරමින් තමන් මුහුණපෑ සිද්ධියක් විස්තර කර තිබේ.
හියු (Hugh) නම් සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර අත්තම්මා කෙනෙකු මුණගැසීමෙන් පසු තමන් මුහුණ දුන් අපහසුතාවයට පත්කරන සුළු සිදුවීමක් ඇතුළත් වීඩියෝවක් බෙදාගෙන තිබේ. ශ්‍රී ලංකාව සහ එහි තේ සංස්කෘතිය විදහා දැක්වීම සඳහා ඔහු පළමුව කාන්තාවක් වෙත ගොස් තමන් සමග සෙල්ෆී වීඩියෝවකට පෙනී සිටින්නැයි ඉල්ලා ඇති අතර ඇය කැමතිවූ පසු ඇය සමඟ ඡායාරූප හා වීඩියෝවක් ලබාගෙන ඇත.
ඉන් පසුව, තමන්ට පස් හැවිරිදි දරුවෙකු සිටින බව පවසමින් ඇය ඔහුගෙන් මුදල් ඉල්ලා තිබේ. හියු ඇයට රුපියල් 500ක් ලබා දී ඇති නමුත්, ඇය තවත් මුදල් ඉල්ලා සිටියාය.
ඉන්ස්ටග්‍රෑම්හිදී එම සිදුවීම ඔහු දක්වා ඇත්තේ 'Sri Lankan grandma grabs my 🍆' යනුවෙනි
එය නවත්වන ලෙස ඔහු ඇගෙන් නැවත නැවතත් ඉල්ලා සිටි අතර එම ස්ථානයෙන් ඉවත්ව යාමට උත්සාහ කළේය. පසුව හියු ප්‍රකාශ කර ඇත්තේ මුදල් ලබා දීම බොහෝ විට මෙවැනි නැවත නැවත ඉල්ලීම්වලට මග පාදන නිසා තමන් මුදල් ලබා දීමෙන් ඉදිරියට වළකින බවයි. ඔහු මෙම අත්දැකීම පීඩාකාරී සහ අගෞරවනීය සිදුවීමක් ලෙස විස්තර කළේය.
Hugh Abroad නමින් යූටියුබ් නාලිකාවක්ද පවත්වා යන මෙම සුදු ජාතිකයා සංචාරක අත්දැකීම් බෙදාහදාගනිමින් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය නමක් දිනා ඇත්තෙකි.
ශ්‍රී ලංකාවේදී සංචාරකයින්ට ලැබෙන 'අප්‍රසන්න සත්කාරය' ගැන මෙතුළින් ලෝකයට යන පණිවිඩය අයහපත්ය.

0 Comments