අනතුරින් මියගොස් ඇත්තේ පරගස්තොට , බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්.
මියගිය දැරිය ලබුගම ප්‍රදේශයේ පෙර පාසලක අධ්‍යාපනය ලබන අතර පෙර පාසල නිම වීමෙන් අනතුරුව එම පෙර පාසලේ මිතුරු මිතුරියන් හත් දෙනෙකු සමග සුපුරුදු ලෙස ත්‍රීරෝද රථයකින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසුවා.
පොලීසිය පවසන්නේ ත්‍රීරෝද රථය මිල්ලනිය, රන්මිනික ප්‍රදේශයට පැමිණෙමින් සිට ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ත්‍රී රෝද රථයෙන් පිටතට හිස යොමාගෙන සිට ඇති දැරියගේ හිස වැදී ඇති බවයි.
බරපතල තුවාල ලද දැරිය හල්තොට දිසා රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව එහි සිටි වෛද්‍යවරු මූලික ප්‍රතිකාර ලබාදී අනතුරුව ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත යොමු කරන විටත් දැරිය මියගොස් සිටි බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු මෙන්ම ත්‍රිරෝද රථ රියදුරුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 Comments