අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස (04) වන දින දක්වා නිවාඩු ලබාදී ඇත.
ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් 2026 ජනවාරි (05) වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.
2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වේ.
ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය ඊයේ (22) දින, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් (26) වන සිකුරාදා දින අවසන් කිරීමට නියමිත අතර මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා පාසල් නිවාඩු ලබාදී ඇත.

0 Comments