ඔහු සඳහන් කර සිටියේ, පෞද්ගලික වාහනවලින් විකල්ප මාර්ග භාවිත කර විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි සිසුන්ට සහ දුම්රිය මාර්ගය භාවිත කිරීමට අපහසුතා පවතින සිසුන්ට පමණක් මෙසේ ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය භාවිත කළ හැකි බවය.
විභාග මධ්‍යස්ථානවල සීමිත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් පමණක් පවතින බැවින් මහනුවරට යාමට හැකියාවක් ඇති සියලු දෙනාම සිය විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගය සඳහා සහභාගී වන ලෙසද ඔහු විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.
එනිසා දැඩි අපහසුතාවක් ඇත්තම් පමණක් විකල්පය ලෙස ළඟම පාසල භාවිත කරන ලෙස ද ඔහු පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ගල පෙරළීමට ලක් වූ අදාළ ස්ථානය ගැන තාක්ෂණික වාර්තාවක් මේ වන විට ලබාගෙන ඇති බවය.
එම වාර්තාවට අනුව අදාළ ස්ථානය තවමත් ඉතා අස්ථාවර මට්ටමක පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
පහළට කඩාවැටුණු ගල් කොටස හා සමාන කොටසක් තවමත් ඉහළ කොටසේ පවතින බවත්, වර්ෂාවත් සමග එය මාර්ගය වෙත වැටීමේ අවදානමක් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම අවදානම පහව යනතුරු මාර්ගය විවෘත නොකරන බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

0 Comments