Ticker

6/recent/ticker-posts

දියණිය බලන්න යද්දි අම්මයි තාත්තටයි අලි ප්‍රහාරයක්! මව මරුට!


 පොළොන්නරුව අරලගංවිල සිළුමණිසෑය ප්‍රදේශයේදී දියණියගේ නිවසට යෑමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මවකට සහ පියෙකුට අද (14) පස්වරුවේ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මව මියගොස් පියා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අරලගංවිල පොලිසිය පවසනවා.


මෙම වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද ගිනිදමන පදිංචිව සිටි දෙදරු මවකි.

වන අලි පහරින් තුවාල ලබා අරලගංවිල රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති පියා 60 හැවිරිදි වියේ පසුවෙයි.


සිද්ධිය සම්බන්ධව අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.


 

Post a Comment

0 Comments