මෙම ප්‍රතිලාභින්ට ඔවුන්ගේ හිමිකම් ස්ථිරවම අහිමි වීමේ අවදානමක් පවතින බවත්, ගැටලුව විසඳීමට 2025 ජුනි අවසානය වන විට සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කර නොමැති බවත් විගණන වාර්තාවේ දැඩි ලෙස සඳහන් වේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විගණකාධිකාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ:
බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභින්ට කිහිප වතාවක්ම පුද්ගලිකව දැනුම්දී ඇති බවත්, එහෙත් අයදුම්පත් ද්විත්ව වීම, ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම්, පවුල් විදේශගත වීම වැනි හේතු මත තවමත් ගිණුම් විවෘත නොකළ පිරිසක් සිටින බවත්ය.
විගණකාධිකාරීන් නිර්දේශ කර ඇත්තේ:
අස්වැසුම් වැඩසටහනේ මූලධර්මවලට අනුකූලව සුදුසුකම් ලත් සියලු දෙනාටම ප්‍රතිලාභ ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.
මෙම තත්ත්වය හේතුවෙන් දුප්පත්ම පිරිස්වලට බලපාන රජයේ ප්‍රධානතම සුබසාධක වැඩසටහනක කාර්යක්ෂමතාව හා විශ්වාසනීයත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව තිබේ.

0 Comments