Ticker

6/recent/ticker-posts

ශ්‍රී පාදස්ථානයට කිසිදු හානියක් නෑ... ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියන කතාව...


ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එවැනි කිසිඳු නායයෑමක් සිදුව නොමැති බවත් ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසනවා.


විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග පහළට කඩා වැටෙන බවයි.


එය ස්වාභාවික සිද්ධියක් බවත්, මෙම සිද්ධිය සිදු වී ඇත්තේ රත්නපුර මාර්ගයේ බවත්, ඉන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාදස්ථානයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවයි ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.

අධික වර්ෂාව පවතින සමයේ ශ්‍රිපාද පර්වතයේ වැවී ඇති ශාක වර්ග පහළට කඩාගෙන වැටෙන බවත්, හැටන් සහ රත්නපුර මාර්ගය සම්බන්ධවන ඉදිකටු පහණ මාර්ගයට එවැනි ශාක සහිත පස් තොගයක් ඊයේ (29) පහළට වැටී ඇති බවත්, එසේ වැටුණු ශාක වර්ග කඩිනමින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවත් හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළා. 

 

Post a Comment

0 Comments