එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මේ වනවිට රෝහල්වලට අවශ්‍ය විදුලිබල සැපයුමෙන් 90%කට පමණ විදුලිය සම්පාදනය කර ඇති බවය.
මධ්‍යම පළාත තුළ විදුලිබල සැපයුමට විශාල හානියක් සිදුව ඇති අතර, විදුලිය සම්ප්‍රේෂණ කිරීම හා බෙදාහැරීමේ රැහැන් පද්ධතියට ද දරුණු හානි සිදුව ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
ඇතැම් ස්ථානවල අලුතින්ම ට්‍රාන්ස්ෆෝමර් සවිකිරීමට සිදුව ඇතැයි ද පැවසු ඒ මහතා, හැකි ඉක්මනින් විදුලිය ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
මේ අතර ආපදාවට පත්වූ ප්‍රදේශවලින් ලද දුරකථන ඇමතුම්වලින් වාර්තා වූ බිඳවැටීම් 72%ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි ද පැවසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කොටුගොඩ උප විදුලි පොළ තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර ඇතැයි ද පැවසීය. මහජනයාගේ හා සේවකයාගේ ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

0 Comments