Ticker

6/recent/ticker-posts

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයාගේ සිද්දියේ නරුමයා අත්අඩංගුවට


කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා බව පැවසෙන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනය වූයේ අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැති පුද්ගලයා වෙයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

කරන්දෙණිය සුද්දා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් ඉකුත් මැසි මස 4 වැනිදා සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව සැකකාර මහදුර ඉසුරු නැමත්තා පොලීස්‍යට පවසා තිබෙයි.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ඔහුට අමතරව සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.


 

Post a Comment

0 Comments