Ticker

6/recent/ticker-posts

මන්ත්‍රීවරුන් ජනතාව ලගටම ගොස් සහන සලසන්න.. ජනපතිගෙන් උපදෙස්.!


රට තුළ උද්ගතව ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය හා සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද (27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇත.

මන්ත්‍රීවරුන් තම දිස්ත්‍රික්ක වලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙසත් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදි ඇත.

මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාද සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් බැවින් අද ප.ව 2.00 පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

මෙහිදී ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කළේය.

ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේය.


 

Post a Comment

0 Comments