Ticker

6/recent/ticker-posts

සජබ මන්ත්‍රීවරියක් පක්ෂයෙන් පන්නා දමයි


ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්දයේදී, අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.


ඒ සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන්.


ඒ අනුව තණමල්විල ප්‍රාදේශීය සභාවේ නිලූෂා දිල්හානි මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බවට සමගි ජන බලවේගය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.



 

Post a Comment

0 Comments