Ticker

6/recent/ticker-posts

ත්‍රිකුණාමලය උණුසුම් කළ බුදු පිළිමය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්


ත්‍රිකුණාමල, කොටුව සම්බුධත්ව ජයන්ති විහාරස්ථානයේ තැන්පත් කළ බුදුපිළිමයක් සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රියේ එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් මතු වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.


එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, තැන්පත් කළ බුදුපිළිමය පොලිසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ එහි ආරක්ෂාව වෙනුවෙන් බවයි.


කෙසේ වෙතත් අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ එම බුදුපිළිමය අදාළ ස්ථානයේ තැන්පත් කිරීමට පොලිසියට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ හේතුවෙන් අද දින පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් මතු විය.


 

Post a Comment

0 Comments