පන්නිපිටිය අලුබෝගහවත්ත පටුමඟේ ජනතාවගේ ආදරය දිනාගත් වීථි සුනඛයෙකි වන ‘බ්ලැකී’ නම් සුනඛ්‍යා මෝටර් රථ අනතුරකින් මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
නොවැම්බර් 14 දින සිදු වූ මෙම අනතුර ප්‍රදේශවාසීන්ගේ විශාල විරෝධයට හේතු විය. ඔවුන් චෝදනා කළේ එය සිතා මතා සිදු කළ රිය අනතුරක් බවයි.
ඒ අනුව ඔවුන් නොවැම්බර් මස 16 වෙනිදා කොට්ටාව පොලීසියේ ‘බ්ලැකී’ ගේ මරණය වෙනුවෙන් පැමිණිල්ලක් ගොනුකළේය. එම පැමිණිල්ල මත නඩුව අධිකරණය හමුවේ ගොනු කරන ලදී. සත්ත්ව සුබසාධන සංගම්ද මෙයට සහාය දැක්වීය.
‘බ්ලැකී’ වසර පහළොවක පමණ කාලයක් අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වූ අතර ඔහු ප්‍රදේශයේ ජනතාවගේ ආදරය දිනාගත් ආදරණීය සතෙකි.
ඔහුගේ මරණය සමාජය තුළ සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳව වැදගත් සංවාදයක් ඇති කළ අතර, අධිකරණයේ මෙම නියෝගය ලංකාවේ සත්ත්ව අයිතිවාසිකම් ඉතිහාසයේ වැදගත් මොහොතක් ලෙස සලකනු ලබයි.

0 Comments