බගවන්තලාව, චැපල්ටන් වතුයායේදී තේ දළු නෙළමින් සිටි කාන්තාවක හට කඳුකර කොටියෙකු පහර දීමෙන් තුවාල ලබා ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහල (25) පස්වරුවේ ඇතුළත් කළ ඇති බවට බගවන්තලාව ප්‍රාදේශීය රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.
පසුව අදාල කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇතැයි වාර්තාවේ.
මෙම පහරදීම සිදුව ඇත්තේ සුනඛයින් දඩයම් කිරීමට පැමිණි කඳුකර කොටියකු පැමිණි අවස්ථාවේ බවට සැක කරන අතර තේ දළු නෙලනු ජනතාව සුරතලට ඇති කරනු ලබන සුනඛයින්ද තේ දළු නෙලන ස්ථාන වෙත යාමට පුරුදු ඇති බැවින් එම අවස්ථා වලදී සුනඛයින් දඩයම් කිරීමට කොටියන් උත්සහ කිරීමේ සිදුවීම් ද වාර්තාවේ.
ඒ අනුව මෙම පහරදීමද මෙවැනි සිදුවීමක් බවටද ප්‍රදේශ වාසීන් සැක පළකරයි. මේ හේතුවෙන් තේ වතුවල වැඩ කිරිමෙදි සුරතලයට ඇති කරන සුනඛයින් රැගෙන නොයන ලෙසයි වනජීවි නිලධාරින් වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

0 Comments