මන්ත්‍රීවරයාගේ කතාව තුළින්, යුද්ධය හේතුවෙන් පවුල්වලට අහිමි වූ ආදරණීයයන්ගේ වේදනාව සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය. මන්ත්‍රීවරයාගේ මෙම සංවේදී ප්‍රකාශය, පක්ෂ භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරුන්ගේ හදවත් ස්පර්ශ කළ බව දක්නට ලැබිනි.
සිය කතාව අතරතුරු මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදී සංවේදී විය.
මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මීට පෙරද විවිධ අවස්ථාවලදී සිය පියාණන්ගේ අතුරුදහන් වීම සහ උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් පළ කර ඇති අතර ඔහුගේ පියා LTTE සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවට මතභේදාත්මක ප්‍රකාශයන්ද ඔහු විසින් සිදු කර තිබිනි.
කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ මුල් අවදියේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කළ තම පියා පසුව LTTE සංවිධානය සමඟ එක් වූයේ ජාතිවාදී පීඩනය හේතුවෙන් බවයි.
“ඔයගොල්ලන්ට කොටි උනාට ඒ මගේ තාත්තා” මන්ත්‍රීවරයා සිය කතාව අතරතුරු ප්‍රකශ කළේය.

0 Comments