Ticker

6/recent/ticker-posts

පැය 08ක ජල කප්පාදුවක්.. මෙන්න මේ ප්‍රදේශවල ජීවත්වෙන ඔබ මේ ගැන දැනුවත්ද..?


අද ප්‍රදේශ කිහිපයකට පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.


ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.


මෙම ජල කප්පාදුව, කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ,බත්තරමුල්ල, පැලවත්ත සහ හෝකන්දර,කොස්වත්ත, තලවතුගොඩ සහ කෝට්ටේ ,රාජගිරිය, මිරිහාන සහ මාදිවෙල,නුගේගොඩ, නාවල සහ කොලොන්නාව, අයි.ඩී.එච් (IDH), කොටිකාවත්ත සහ අංගොඩ,වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත, මහරගම, දෙහිවල සහ බොරලැස්ගමුව, මොරටුව සහ සොයිසාපුර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව‍යි වාර්තා වෙන්නේ.

ජල කප්පාදුව හේතුවෙන් සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින් රැස් කර තබා ගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 

 

Post a Comment

0 Comments