උදෑසන 6.30ට බදුල්ලේ ඉඳන් අනුරාධපුරයට යමින් තිබුණු ලංගම බස් රථයක් , බදුල්ල දුන්හිඳ වංගුව පෙනී පෙනී බස් එකේ බ්‍රේක් වැඩ කරන් නැතුව ගිහිල්ලා තියෙනවා.
බස් එක පාලනය කරගන්න නොහැකි නිසා, බස් එකේ කොන්දොස්තර මහත්තයා බස් එකේ සිටි අයට හයියෙන් අල්ලා ගන්න කියලා කෑ ගහලා තිබෙනවා. නමුත් දක්ෂ රියදුරු මහත්තයා, දෙපාරක් නොහිතාම බස් එක ඒ ළඟ තිබුණු වේල්ලකට අල්ලලා නවතාගන්න සමත් වෙලා තියෙනවා.
මේ නිසා බස් එක මහපොළොවට පෙරළිලා සිදුවෙන්න තිබුණු ලොකු අනතුරකින්, බස් රථයේ සිටි මගීන් 15 දෙනෙක් නිරුපද්‍රිතව බේරගන්නට හැකිවෙලා තිබෙනවා. තංගප්පුර මහත්තයාගේ මේ ක්ෂණික තීරණය නිසා විශාල අනතුරකින් වැළකී ගොස් තිබෙනවා.

0 Comments