රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් එලෙස ලබාදෙන බවයි.
රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් වලට එය අදාළ වන්නේ නැති අතර 2026 වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි (28) වැනිදා දක්වා ගෙවීම් කළ හැකිය.
සමාන මාසික කොටස් 10කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

0 Comments