9/11 ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා ඇති.
උපතින්ම දෑස් නොපෙනෙන ඇය මේ වන විට ජීවතුන් අතර නැති වුණත්, ඉදිරි වසර ගණනකට අනාවැකි පළ කර තිබෙනවා.
විශේෂයෙන්ම කොරෝනා උවදුර ගැනත් ඇය අනතුරු ඇඟවීමක් කර තිබුණා.
විශේෂයෙන්ම මෑතකාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයත් සමග ඇයගේ අනාවැකි නැවත වරක් කරළියට පැමිණ තිබෙනවා.
කඳුකර ප්‍රදේශවල ගම්මාන සම්පූර්ණයෙන්ම වැළලී යන බවත්, ගංගා ඉවුරු බිඳගෙන ජලය ගලා එන බවත් ඇයගේ සටහන්වල තිබීම මෙම බියකරු යථාර්ථය පසක් කරවන්නක්.
කෙසේ වෙතත් වඩාත් අවධානය යොමුකළ යුතු කාරණය වන්නේ ඇය විසින් 2025 සහ 2026 වසරවල් සම්බන්ධයෙන් කර ඇති අනතුරු ඇඟවීම්ය.
ඇයගේ අනාවැකිවලට අනුව 2025 වසරේ මැයි මාසයේ සිට ආරම්භ වන මෝසම් වැසි කාලය ශ්‍රී ලාංකිකයන්ට අධික බියක් ගෙනදෙන කාලපරිච්ඡේදයක් විය හැකිය.
සාමාන්‍යයෙන් අප රටට හුරුපුරුදු වර්ෂා රටාව වෙනුවට, සාගර ජලය අධික ලෙස රත්වීම හේතුවෙන් ඇතිවන පාරිසරික විපර්යාසයන් හරහා සාමාන්‍ය අවපීඩන කලාප පවා දරුණු සුළි කුණාටු බවට පරිවර්තනය වීමේ අවදානමක් පවතී.
මෙහිදී සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම මත බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වන කාලගුණික විපර්යාසයන් තීරණාත්මක සාධකයක් වනු ඇත.
ශ්‍රී ලංකාවට පමණක් නොව 2026 වර්ෂය මුළු මහත් ලෝකයටම ස්වභාවික ආපදාවලින් පිරුණු වසරක් වනු ඇති බවට බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත.
විශේෂයෙන්ම යුරෝපයට, ආසියාවට සහ උතුරු ඇමෙරිකාවට බලපාන මහාපරිමාණ භූමිකම්පාවක් ගැන ඇය සඳහන් කර ඇති අතර එමඟින් විශාල භූමි ප්‍රදේශයක් විනාශවී යාහැකි බව කියැවේ.
මීට අමතරව ඉතාලියේ විසුවියස් ගිනිකන්ද සහ ඉන්දුනීසියාවේ ගිනිකඳු සක්‍රීය වීම වැනි බිහිසුණු අත්දැකීම්වලට ලෝකවාසීන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
මෙම ගිනිකඳු පිපිරීම් සහ ලාවා ගලායෑම් නිසා ගුවන් ගමන්වලට පවා බාධා එල්ල විය හැකි බවත්, ආක්ටික් සහ ඇන්ටාක්ටික් අයිස් තට්ටු දියවී යාම වේගවත් වී මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඇතැම් ජනාවාස සදාකාලිකවම මුහුදට බිලිවීමේ අවදානමක් පවතින බවත් ඇයගේ අනාවැකිවල සඳහන් වේ.
කෙසේ වෙතත් බාබා වැන්ගාගේ සෑම අනාවැකියක්ම සියයට සියයක් සත්‍යවී නොමැති බවද මෙහිදී සිහිපත් කළ යුතු වනවා.

0 Comments