මිනිස්සු ආශාවන් පස්සෙ ලුහුබඳිනවා. කවුරු කොහොම තහංචි දැම්මත් මිනිස්සු 'තහනම් රහ' විඳින්න ආසයි. උන් අර සීමා මායිම් කඩලා කාටත් රහසින් ඒවා රහ කරන්න ගන්නෙ ඒකයි..
ඒත් ඒක කොච්චර තාවකාලික හැඟීමක්ද කියලා, නැත්තම් අවදානමක් ද කියලා එයාලට වැටහීමක් නැහැ...
මේ කතාව මීට අවුරුදු ගාණකට කලින් සිද්ධ වෙච්ච ඇත්තම ඇත්ත කතාවක්..තමන්ගේ සැමියාට පහර දීලා අඩපණ කරලා පොලිසියට ආපු යුවතියක් කිව්ව කතාවක්..
"සර්... මම මටත් වඩා මගේ මිනිහට විශ්වාස කළා..ඒත් සර්.. මේ මිනිහා මටත් වඩා දෙගුණයක් වැඩිමහල් ගෑනියක් එක්ක සම්බන්ධයක් පටන් අරන්.. ශිලා ආන්ටි කියන්නෙ අපේ ගෙදර නිතරම ඇවිත් යන කෙනෙක්. වයස වුණාට ගොඩක් වයස පේන් නෑ. හෙන කෑල්ල වගේ ඉන්නෙ.. ඉතින් මිනිහත් හිමීට හේත්තු වෙලා.."
"මට එහෙම ලොකුවට සැකයක් හිතුණේ නෑ. ශිලා ආන්ටිගේ හස්බන් ආමි හිටියේ, නැතිවුණා. දුවෙක් මගේ වයසේ ඉන්නවා. ඒකිත් රට..ටැප් ලයින් හදන්නයි, කබඩ් අදින්නයි කියලා මගේ මිනිහාව හැමදාම එහේ ගෙන්න ගන්නවා. මාත් ඉතින් අසරණ ගෑනිනේ පලච්චාවේ කියලා හිතන් හිටියා.."
"ඒ්ත් කට්ටියම කියන කතා එන්න එන්නම වැඩිවුණා.ගමේ උනුත් මේක දැනන් හිටියා..දවසක් මම මේ හොරේ අල්ලන්න හිතන් ශිලා ආන්ටිලා ගෙදර ගියා.. දන්නවද සර් මම ඇස් දෙකට දැක්ක දේ..හස්බනුයි ශිලා ආන්ටියි තුරුල් වෙලා ඉන්නවා.කනට කර කර ඔයා මාර හොට් කියනවත් ඇහුණා.මගේ මිනිහාගේ නූල් පොටක් නෑ ඇඟේ... අර ගෑනිගේ පෑන්ටිය විතරයි.. මට අප්පරියා හිතුණා සර්.."
"මට උන් හිටි තැන් අමතක වුණා. මිනිහාට ගැහුවා සර් ඇඳ පොල්ලකින්.. ශිලා ආන්ටි බෙරිහන් දීගෙන එළියට පැන්නා..මම මිනිහා අඩද්දි ගහගෙන ගහගෙන ගියා.මැරුණත් කමක් නෑ කියලා මම දිගටම ගැහුවා.ඌ මැරුනේ නෑ සර්.. මම ම වීල් එකකට කතා කරලා හොස්පිට්ල් අරන් ගියා. මොනා වුණත් මගේ මිනිහනේ.."
සීන් එක ගොඩක් දුරදිග ගියේ නෑ. මිනිහා සමාදාන වෙන්න කැමති වුණාලූ... ආයෙ නම් ඒ වැදුණ වැදිල්ලට මිනිහා පිටගම් යන එකක් නෑ...අසරණයා !!

0 Comments