කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැති වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදුවූ සිදුවීම පිළිබඳව සිය අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අදාළ වාර්තාව ලැබුණු පසු අවශ්‍ය උපදෙස් හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කර ඇත.

0 Comments