මේ කියන්න යන්නේ තවත් විශේෂ කතාවක්.
ග්‍රහලොව සුරතලා, බුද්ධිමතා, පණ්ඩිතයා ලෙස විරුදාවලිය ලත් බුධ ග්‍රහයා ගැන ඇසෙන කතාවක්.
ඒ කතාවට අනුව ඔබේ ලග්නයට කොහොමද.? ඉතින් පසුගිය දිනක සිදුවුණු මේ ග්‍රහ මාරුව ඔබේ ජීවිතයට කරන්නේ මොන වගේ බලපෑමක්ද..? ඇත්තටම වසර අවසාන කාලයේ මේ ගැන දැනගන්න එක ඔබටත් වැදගත් වේවි.
බුධ ග්‍රහයා තමාගේ සම රාශියක් වන කුජට අයත් වෘශ්චික රාශියට 2025.12.06 ප.ව. 22.44 ට ගෝචර වේ. එතැන් සිට දින 23 ක පමණ කාලයක් සෙන්පතිගේ නිවහන තුළ බුධ රැඳී සිටී. මේ මොහොත වන විට තත්කාල ලග්නය වශයෙන් කටක ලග්නයත්, කටක නවාංශකයත් උදාව පවතී. එහිදී පස්වැන්නේ රවි, කුජ, බුධ, සිකුරු ද අටවැන්නේ රාහු ද, නමවැන්නේ ශනි ද, දොළොස්වැන්නේ සඳු, ගුරු ද මෙසේ ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ දුගී අසරණ පීඩිත කම්කරුවන් නියෝජනය කරන ග්රහයෙකු ලෙසින් හැඳින්වෙන ශනි ග්‍රහයා 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත ඉහත අංශවල අයට යහපත් නොමැති බව පෙනේ.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 වැන්න තුළ බුධ ගෝචර වේ. මේ අවස්ථාව වන විට රවි, කුජ, බුධ, සිකුරු යෝගය පිහිටීම මත රජය ප්‍රබල වේ. එමෙන්ම යම් යම් දැඩි තීන්දු ගන්නා බවක් ද පෙනේ. කූට රහස් කුමන්ත්‍රණ එළිවෙන කාලයක් ද වේ. එමෙන්ම සිනමා ශාලාවක් හෝ සූදු ක්‍රීඩා කරන ස්ථානයක් ආශ්රිත යම් සිදුවීමක් ගැන ද පෙන්නුම් කරයි. මහජනයා අතර වෛරස් රෝගී තත්ත්වයන් ද ව්‍යාප්ත වන බව පෙනෙන්නට තිබේ. රාජකීය මරණයක් හෝ එවැනි අයෙකු සම්බන්ධ අසනීපයක් ගැන ද ඉදිරි දින කිහිපය තුළ ඔබට අසන්නට ලැබේ. මෙසේ බුධ ජල රාශියකට යෑම තුළ බොහෝ පළාත්වලට ජලයෙන් කරදර සිදුවන බව පෙනේ. ඒ අනුව බුධගේ වෘශ්චික රාශිගත වීම ලග්න 12 ට බලපාන ආකාරය කෙසේ දැයි බලමු.
මේෂ
මේෂ ලග්නය ලග්න ඔබගේ කේන්ද්‍රයේ අටවැන්න තුළ බුධ ගෝචර වේ. බාල සහෝදරයන් අතර ගැටලු ඇති කරයි. ඔබගේ කීර්ති නාමයට හානි ඇති වන පුවත් අසන්නට ලැබිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබට උදරගත අසනීප ඒමට පුළුවන්.
වෘෂභ
වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ දෙක සහ පහ අධිපති වෙමින් හත්වැන්න තුළදී බුධ ගෝචර වේ. ලැබීම් අතින් ඉතා යහපත් වේ. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැකි කාලයකි. එමෙන්ම ව්‍යාපාර ආදී කටයුතු කරන අයෙක් නම් එමගින් ලාභ ඇති විය හැකි දින කිහිපයක් ද වේ.
මිථුන
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් හය වෙනි භාවය තුළ බුධ ගෝචර වේ. ලැබීම් අතින් යම් යම් ගැටලු ඇති කරයි. එමෙන්ම ඔබට පදිංචි භූමිය ආශ්රිත ගැටලු ඇති කරන බවක් ද පෙනේ. රැකියාව තුළ විවේකය අඩු කෙරේ.
කටක
කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 12 අධිපති වෙමින් පස්වැන්න තුළ බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව ඇති විය හැකි දින කිහිපයකි. ඔබට යම් යම් අසනීප හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට සිදු වන කාලයකි.
සිංහ
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ දෙක සහ එකොළහ අධිපති වෙමින් බුධ හතරවැන්න තුළ ගෝචර වේ. ඔබට භූමිය සම්බන්ධ ගැටලු තිබුණ ද එම ගැටලු නිරාකරණය වන බවක් ද පෙනේ. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැකි කාලයක් ද වේ.
කන්‍යා
කන්‍යා ලග්නය ඔබගේ කේන්ද්‍රයේ තෙවෙනි භාවය තුළ ලග්නාධිපති වෙමින් ගෝචර වේ. ඔබගේ සහජ හැකියාවන් ඔප්නැංවෙන කාලයකි. සහෝදරයන් අතර මූලිකත්වය හිමි වන කාලයක් ද වේ.
තුලා
තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ නමය අධිපති වෙමින් ධනස්ථාන ගත බුධ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. තමාගේ වචනය ප්‍රබල වන කාලයකි. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දිස් වන කාලයක් ද වේ.
වෘශ්චික
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ අට සහ එකොළහ අධිපති වෙමින් ලග්නගතව බුධ ගෝචර වේ. ඔබගේ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය වැඩි විය හැකි කාලයකි. එමෙන්ම ඔබට ඔප්පු, තිරප්පු වලින් ලැබීම් ඇති කරයි. ඉවසීම තරමක් දුරට අඩු විය හැකි බවක් ද පෙනේ.
ධනු
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත සහ දහය අධිපති වෙමින් දොළොස්වෙනි භාවය තුළ බුධ ගෝචර වේ. ඔබට රැකියා ගැටලු ඇති කරයි. එමෙන්ම හවුල් ව්‍යාපාර වලින් අවාසි, පාඩු ඇති විය හැකි දින කිහිපයකි. එමෙන්ම යම් යම් අසනීප හේතු කොටගෙන රෝහල්ගතව ප්‍රතිකාර කිරීමට පවා සිදු විය හැකි දින කිහිපයක් ද වේ.
මකර
මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ නමය අධිපති වෙමින් අයස්ථාන ගතව බුධ ගෝචර වේ. ලැබීම් අතින යහපත් වේ. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට ජයග්‍රහණ හිමි වන කාලයකි.
කුම්භ
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් දහවැන්න තුළ බුධ ගෝචර වේ. රැකියාවේ උසස්වීම්, තනතුරු මෙන්ම නව රැකියාවල් ලැබීමට පවා වාසනාව ඇත. එමෙන්ම ඔප්පු තිරප්පු වලින් ද ලාභ ඇති කරන බවක් ද පෙනේ.
මීන
මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් භාග්‍යස්ථානගතව බුධ ගෝචර වේ. ඔබට ව්‍යාපාර වලින් ලාභ ලැබිය හැකි දින කිහිපයකි. විදෙස්ගතව සිටින අයෙකුගෙන් උදව් හිමිවන දින කිහිපයකි.

0 Comments