දිවයින පුරා ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් එම ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතු වලට බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.
ඇතැම් දිස්ත්‍රික්කවල යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝ ගත කිරීම හේතුවෙන් අදාළ ස්ථානවල රාජකාරි සිදුකරන පිරිසට එය බාධාවක් වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එලෙස පැමිණෙන පිරිසට මෙම තත්ත්වය අවදානම් බව සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සහන කණ්ඩායම් අදාළ ප්‍රදේශවල කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහනයන් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙයි.
ආපදා මෙහෙයුම් මැදිරියට කතා කර එම සහන ලබාදීමට කටයුතු කරන ලෙසත් එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය ස්තූතිය පළ කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

0 Comments