Ticker

6/recent/ticker-posts

හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්


හෙළයේ ගීත කෝකිලාවිය” ලෙස හැඳින්වුණු කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා සිදු කිරීමට නියමිතය.


දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, 31 වනදා නිදහස් චතුරස්‍රයට රැගෙන යාමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.


රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, මියයන විට ඇය 91 වන වියේ පසු විය.


1934 දී උපත ලැබූ රීටා ජෙනවිට් ප්‍රනාන්දු පසුව ලතා වල්පොල නමින් ජනප්‍රිය වූ අතර, 1946 දී වයස අවුරුදු 12 දී රේඩියෝ සිලෝන් හි පළමු ගායනය ඉදිරිපත් කළාය.


සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක් සහ කලාශූරී සම්මානය ඇතුළු සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවාය.


 

Post a Comment

0 Comments