විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකරමින් පවසන්නේ අ.පො.ස. උසස් පෙළ කල් දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස්වී ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සිසුන්ට දැනුම්දුන්නේ, ඒ අනුව පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසයි.
එමෙන්ම සිසුන්ට 0112- 784537 සහ 0112-788616 යන අංක අමතා ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවද ඇය වැඩිදුරට්ත් පැවසීය.
එමෙන්ම, විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැඳුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය

0 Comments