Ticker

6/recent/ticker-posts

අද ඉඳලා කොළඹින් එන අයට සතුටු හිතෙන විශේෂ දැනුම්දීමක්


උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එහි සභාපති සජීව නන්දන කණකරත්න මහතා ඊයේ (23) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ මෙම බස් රථ සේවාව මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද සිට ධාවනය කරන බවයි.


 

Post a Comment

0 Comments