අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන සිදු වු වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු වන කෝසල සිල්වා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝසල සිල්වා පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරන ලද සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයායි.
කෝසල සිල්වා අම්බලන්ගොඩ ප්‍රදේශයේත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරනවා.
මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපළයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැකපලකරනවා.
එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසනවා.
වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුඳුවත්ත, ආදාදොළ මාර්ගයේදී දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම යතුරු පැදියේ අංකය ව්‍යාජ එකක් බවයි.
සිද්ධිය සම්බන්ධව සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments