අයහපත් කාලගුණයේ බලපෑම බොහෝ දෙනාගේ ජීවිතවලට බලපෑම් එල්ල කළා.
මේ කියන්න යන්නේ ඒ අතරතුර ඇසෙන තවත් විශේෂ කතාවක්.
මේ කියන්න යන්නේ ඒ අතරතුර ඇසෙන තවත් විශේෂ කතාවක්.
ගෙවුණු පැය 72ක කාලසීමාව තුළ සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේත් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි.
දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි පතිත වුණා
අද උදෑසන 8.30න් අවසන් ගෙවුනු පැය 24ක කාලසීමවා තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය බදුල්ල කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තාවන අතර එම අගය මිලිලීටර් 81.6ක්
එවැනි පසුබිමක වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණ ජලාශ 89ක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බවයි.
මේ අතර නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂවත් සමග නුවරඑළිය හෝර්ටන්තැන්න ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය මීපිලිමාණ ප්‍රදේශයේ විශාල කොටසක් ගිලා බැස තිබුණා.
ඒ හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය අද අලුයම 3.00 සිට පෙරවරු 9.00 දක්වා පැය 6ක කාලයක් සම්පූර්ණයෙන් ඇණහිට තිබුණා.
මේ අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ ගෙවුණු පැය 72ක කාලසීමාව තුළ එම දිස්ත්‍රික්කවලට ඇදහැලුණු සැලකියයුතු වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේත් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මහනුවර උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දඹගහපිටිය හන්වැල්ල පාලමේ කොටසක් පසුගිය 27 වෙනිදා පැවැති ආපදා තත්ත්වයත් සමග කැඩීගොස් තිබූ අතර එය ප්‍රදේශවාසින් එක්ව තාවකාලික ප්‍රතිසංස්කරණයකින් පසු අසීරුවෙන් ගමනාගමන කටයුතු සිදුකරගත්තා.
කෙසේ වෙතත් නැවතත් ඇදහැළුණු තද වර්ෂාපතනයත් සමග එය නැවතත් කැඩී යාම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 2000ක් පමණ දැඩි අසිරුතාවට පත්ව සිටිනවා.
මේ අතර පස්කඳු කඩාවැටීම් , නායයෑම් සහ ගංවතුර හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය පිලිසකර කිරීමෙන් පසුව එම මාර්ගයේ ධාවනය වන පළමු නිල මගී දුම්රිය අද උදෑසන ධාවනය වුණා.
ඒ දින 23කට පසුවයි.
උදෑසන 9.30ට එක් දුම්රියක් බදුල්ල සිට අඹේවෙල දුම්රිය ස්ථානය බලා පිටත්ව ගිය අතර තවත් දුම්රියක් එම වේලාවටම අඹේවෙල සි බදුල්ල දක්වා පිටත් වුණා.
මේ අතර මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පොළව පුපුරා ඉරිතලා යෑම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 270 දෙනෙකු පමණ මේවනවිට ඇල්කඩුව දෙමළ විද්‍යාලයේ රැඳී සිටිනවා
මීට දින දෙකකට පමණ පෙර මෙසේ එම ප්‍රදේශයේ පොළොව ගිලා බැසිමට ලක්ව ඇති අතර නිවාස 58 කට ඉන් හානි සිදුව තිබෙවා
තවත් නිවාස රැසක් අවදානම් තත්ත්වයේ පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

0 Comments