Ticker

6/recent/ticker-posts

නැවත පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.!


දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට (16) දිනයේ යළි ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

බස්නාහිර, දකුණ, උතුර, සබරගමුව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සියලු පාසල් හෙට (16) දිනයේ යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ඌව පළාතේ සහ වයඹ පළාතේ පාසල් 147ක් හෙට (16) දිනයේ යළි ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඌව පළාතේ පාසල් 26ක්, වයඹ පළාතේ පාසල් 06ක් සහ මධ්‍යම පළාතේ පාසල් 115ක් ඒ අතර වන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

හෙට (16) දිනයේ පාසල් ආරම්භ කළද ලබන (22) වැනිදා යළිත් සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙයි.


 

Post a Comment

0 Comments