දැරියක් ජලය අඩක් පිරවූ භාජනයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ, කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියකී.
කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ පදිංචි අවුරුදයි මාස තුනක් වයසැති දැරියක්,මෙලෙස මරණයට පත්ව ඇත.
දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් ඇති අතර මව දැඩි ලෙස අසනීප වී නිවසේ නිදා සිටියදි අදාළ දැරිය මෙම අනතුරට මුහුණ දී ඇත.
මෙම දැරිය අනෙක් දරුවන් සමග මුදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී ඇය මෙම භාජනයට වැටී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් එය කිසිවකු නොදැන සිටීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් අදාළ දැරිය එම භාජනය තුළ සිට ඇති බවද පරික්ෂණවලදි තහවුරු වී ඇත.
අසනීපව නිදා සිටි මව අවදි වී දියණිය නිවසේ නොමැතිවීම නිසා සොයා බලා ඇති අතර එහිදී මෙසේ දැරිය මියගොස් සිටින අයුරු දැක තිබේ.
මරණය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

0 Comments