Ticker

6/recent/ticker-posts

ජපන් රජයෙන් විදේශිකයින්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි


කිහිපදෙනෙකුගේ අපරාධ, අපහසුතා සහ රජයේ පද්ධති අයුතු ලෙස භාවිතා කිරීම නිසා ජපාන ජනතාවට අනාරක්ෂිතභාවයක් සහ අසාධාරණයක් දැනෙන බව, නව ඉමිග්‍රේෂන් හා විදේශ කටයුතු අමාත්‍ය කිමි ඔනොඩා පවසනවා.

ජපානය විදේශිකයින්ට වෛර කරන රටක් විය යුතු නැති බවත්, එහෙත් ජපාන ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය සඳහන් කළේ ය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, නීති උල්ලංඝනය කරන අය පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, නව නීති ක්‍රියාත්මක කරන බවයි.

අද කාලයේ තත්ත්වයට ගැළපෙන ලෙස ඉමිග්‍රේෂන් සහ සීමා පාලන ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කෙර ඇති අතර මෙ වන විටත් එය ක්‍රියාත්මක කරමින් පවතිනවා.


 

Post a Comment

0 Comments