පොලිස් නිලධාරීන්ගේ පහරදීමට ලක්වූ කතෝලික පියතුමා මීගමුව මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව (25) දින පස්වරුවේ එම පියතුමාව මෙසේ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආ බව අද සඳහන්.
පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව කියමින් කොටදෙණියාවේ පදිංචි මිලාන් ප්‍රියදර්ශන නම් කතෝලික පියතුමෙක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඊයේ (24) දින ඇතුළත්ව ඇත.
ඒ, දේවමෙහෙයකට සහභාගී වීමට යතුරුපැදියකින් ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී යතුරුපැදිවලින් තමන් ලුහුබැඳ පැමිණි පොලිස් කණ්ඩායමක් පහරදුන් බව ප්‍රකාශ කරමින්.
පසුව අද දින මීගමුව රෝහලේ 7 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පියතුමන්ගේ සුවදුක් විමසීමට ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මීගමුව රෝහලට පැමිණ තිබුණා.
අඳාළ සිද්ධියට සැකපිට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලීසිය මඟින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් බව වාර්තා වේ.
අනතුරුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හයදෙනා (26) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

0 Comments