තවත් එක දවසකින් උදා වන සාමාන්‍ය පෙළ ගණිතය විෂය අති සාර්ථකව ජය ගන්නට ඔහු සිහින දකිමින් සිටියේය.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ දක්ෂ සිසුවා, විභාගයට පෙර අවසන් වරට පැවැත්වුණු පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකට සහභාගී වීමට ගියේ කෙසේ හෝ විභාගය ගොඩදා ගැනීමේ අරමුණිනි.
නමුත් දෛවය ඔහුට ලියා තිබුණේ ගණිත ගැටලුවලටත් වඩා විසඳන්නට අපහසු රුදුරු ඉරණමකි.
පසුගිය 23 වැනිදා රාත්‍රියේ, පන්තිය අවසන් වී ඉතාම උනන්දුවෙන් නිවස බලා එමින් සිටි මේ සිසුවාට, මා##යා මඟ රැක සිටියේ විසකුරු පොළඟෙකුගේ වේශයෙනි.
පයට පෑගුණු පොළඟා ඇසිපිය හෙළන සැණින් දෂ්ඨ කළ අතර, ඒ විස දරුවාගේ මුළු සිරුර පුරාම වේගයෙන් පැතිර යන්නට විය.
තමන් හෙට දින විභාගය ලියන බවත්, අකුරු කරන බවත් සිහින මවමින් සිටි ඒ දරුවාට, රෝහල් ගත කරන විටත් සියල්ල අඳුරු වී තිබිණි.
පොළොං විස ඇස් දෙකට බලපෑම් කිරීම නිසා, සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය දෙස බලා ජයග්‍රහණය සනිටුහන් කරන්නට තිබූ දෑස් දෙකම අන්ධ වී ඇති බව කුලියාපිටිය පොලිසිය තහවුරු කරයි.
දැනට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන මේ සිසුවාගේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් පවසන්නේ බලාපොරොත්තු අත්නොහළ යුතු බවයි.
නිසි ප්‍රතිකාර හමුවේ අනාගතයේදී යළිත් ඔහුගේ පෙනීම යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බවට යම් විශ්වාසයක් පවතී.
"විභාගය කියන්නේ ජීවිතයේ එක කඩඉමක් විතරයි, ඒත් මේ වගේ වෙලාවක දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න ඕනෑ.." යන්න අද මුළු කුලියාපිටියටම දැනෙන වේදනාවකි.
තහනම් කර තිබූ කාලසීමාවක පවා පන්තියට ගොස් අකුරු කරන්නට වෙහෙසුණු මේ දරුවා අද පසුවන්නේ මහා අන්ධකාරයකය.
අනාගතය දකින්නට පෙරුම් පිරූ ඒ දෑසට යළිත් ආලෝකය ලැබේවායි මුළු රටම ප්‍රාර්ථනා කරමු..

0 Comments