අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2025/2026) විභාගය අවසන් වීමත් සමඟ සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
පසුගිය 17 වැනිදා ආරම්භ වූ මෙම විභාගය අදයි අවසන් වන්නේ. පසුගිය වසරවලදී සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු සිසුන් අතර කලහකාරී හැසිරීම්, ආරවුල් හා අනපේක්ෂිත සිදුවීම් වැඩි වූ බැවින් මෙවරද මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට පොලිස් මූලස්ථානය විසින් විශේෂ අවධානය යොමු කර ඇති බව නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය දරුවන්ගේ හැසිරීම් කෙරෙහි වැඩි අවධානය යොමු කර, මෙවැනි අනපේක්ෂිත තත්ත්වයන් වළක්වා ගැනීමට සහය වන ලෙසයි. සිසුන් දැඩි ආරක්ෂාව යටතේ නිවෙස් වෙත ආපසු යැවීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බව පොලිසිය අවධාරණය කරයි.
විභාගය අවසන් වීමත් සමඟ ප්‍රදේශ රැසක පොලිස් බලකායන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වන අතර, ඕනෑම අනපේක්ෂිත සිදුවීමක් වාර්තා වුවහොත් ඉක්මනින් පියවර ගැනීමට සූදානම් බව ද පොලිසිය සඳහන් කර තිබේ.

0 Comments