විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය (25) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී නිමාවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ අවමන් සහගත පරාජය සම්බන්ධයෙන් කණ්ඩායම් නායක දසුන් ශානක (26) දින මුහුණුපොත වෙත සටහනක් තබා තිබෙනවා.
එහි සඳහන් වුණේ ඉහළ බලාපොරොත්තු රැසක් සමඟින් කණ්ඩායමක් ලෙස ඔවුන් මෙම තරගාවලියට පැමිණිය බවයි.
එමෙන්ම මෙම පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මෙන්ම කණගාටු වන බව ඔහු සඳහන් කර තිබෙනවා.
ලැබිය යුතු ප්‍රතිඵලය ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් ද තමන් කණගාටු වන බව ඔහු එහි අවසාන වශයෙන් සඳහන් කර තිබෙනවා.

0 Comments