Ticker

6/recent/ticker-posts

විනෝද චාරිකාවක් කඳුළකින් අවසන් වෙයි.. බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..


මේ කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණු තවත් එක් කණගාටුදායක සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.

විනෝද චාරිකාවක් සඳහා පැමිණ බෙන්තොට මුහුදේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු  (26) සවස් කාලයේදී දියේ ගිලී මි##ගොස් ඇති අතර අනෙක් තරුණයා අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මෙසේ අනතුරට මුහුණ දී ඇත්තේ බේරුවල පිංහේන සහ කාලවිල ප්‍රදේශවල පදිංචි 25 සහ 29 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක්.

ඔවුන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා බෙන්තොට ප්‍රදේශයට පැමිණ තිබු බවට වාර්තා වෙනවා.

පොලිසිය පවසන පරිදි මෙම පිරිස බෙන්තොට ළමා උද්‍යානය පිටුපස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණා.

එහි සිටි පිරිස විසින් වහා ක්‍රියාත්මක වී කාලවිල පදිංචි 25 හැවිරිදි තරුණයා බේරාගෙන බෙන්තර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මි##ගොස් තිබෙනවා.

දිය පහරට හසුව ගසාගෙන ගිය අනෙක් තරුණයා සොයා ප්‍රදේශවාසීන්, වෙරළාරක්ෂක නිලධාරීන් සහ බෙන්තොට පොලිසිය එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

Post a Comment

0 Comments