Ticker

6/recent/ticker-posts

තවත් නොබෝ දිනකින් උදාවෙන මාර්තු මාසය ඔබේ ලග්නයට අනුව ඔබ කලින්ම සැලසුම් කරන්න..


තවත් නොබෝ දිනකින් උදාවෙන්නේ තවත් සුබ මාසකයක්..

ඉතින් මේ මාසයේ ඔබේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න ඔබත් කැමැත්තෙන් ඇති.


ඉතින් මෙන්න ඔබේ ලග්නයට අනුව මේ වසරේ තුන්වන මාසය, එනම් මාර්තුමාසය සැලසුම් කරගන්න..

මේෂ ලග්නය..
මේෂ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය අනුව ග්‍රහයන් පස්දෙනකු අයස්ථානයට පැමිණෙ එම නිසා මේ මාසය ඔබට යහපත් වන බව පැවැසිය හැකිය.

ආර්ථිකය
ආර්ථිකය, රැකියා කටයුතු වල විශේෂ දියුණුවක් අභිවෘද්ධියක් සාර්ථකත්වයක් ඇති වේ.
ඒ අයස්ථානයේ රවි සිටීම ඔබගේ කෝටියක දෝෂ භංග කිරීමට සමත් වන බැවිනි. වෘත්තිමය කටයුතු වල ද දියුණුව උදාකරන වාතාවරණයක් ගෙන දෙනු ඇත.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු පිළිබඳ සැලකීමේදී බ්‍රහස්පති තුන්වැන්නේ සිටිමින් 7 වැන්න දකියි. එනිසා යුග දිවියේ කටයුතු ද සාර්ථක වන මාසයක බව කිව හැකිය. සිකුරු හත අධිපතියා වෙමින් කේන්දරයේ යහපත්ව ගමන් කරයි. එය ද යුග දිවියේ කටයුතු සාර්ථක කර ගැනුමට ඔබට උපකාර වනු ඇත.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. මන්ද ශනිගේ සහ කේතුගේ ග්‍රහ ගමන් අනුව ඔබට සෞඛ්‍යමය ඌණතාවයක් ඇති විය හැකිය. උදරගත ආබාධ, ආහාර දිරවීමේ ගැටලු ඇතිවිය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා යහපත් මාසයක් බව පැවැසිය හැකිය. රවි, බුධ ආදි ග්‍රහයන් හෝ සුබ යෝගයක් සැකසී ඇති බැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසියම් සාර්ථකත්වයකට මඟ සැලසේ. එහෙත් මේ මාසයේ 15 වැනිදායින් පසු රවි 12ට පැමිණේ. එනිසා තම කුසලතා කෙරෙහි ඌණතා ද ඇතිවිය හැකිය.

වෘෂභ ලග්නය..
පංච මහා යෝගය ඔබගේ කේන්දරයේ පවතින්නේ, දහවැන්නේය. රවි, කුජ යන ග්‍රහයන් දෙදෙනාම දිග්බලව දහවැන්නේ බැවින්, වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයේ සාර්ථකත්වයක් ඇති කරන මාසයක් ලෙස මාර්තු මාසය සැලකිය හැකිය.

ආර්ථිකය
රැකියා, ආර්ථික සහ වෘත්තීමය කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය. ආර්ථික වශයෙන් සමෘද්ධියක් ඇති වේ. උසස් නිලධාරීන්ගෙන් පැසසුම් හිමි වේ. සේවාව අගයන නිර්දේශයන් ලබාදීමට අවකාශ ඇත. වෘත්තිමය යහපතඇති වේ. මුදල්මය වශයෙන් සතුටු දායක වාතාවරණයක් ඇති වේ. ධන ලාභ ගෙන දේ.
ගෘහ ජීවිතය
යුග දිවිය කටයුතු ඉතාම සුබවාදීව යහපත්ව ගෙනයාමේ අවකාශ පවතී. විවාහ ජීවිතයේ සිතුම් පැතුම් ඉටු වේ. දරුවන්ගේ ජයග්‍රහණ. අපේක්ෂා අරමුණු සාර්ථක වේ. අභිමානවත්ව ජිවිතය ගෙනයාමේ ප්‍රවණතාවයක් මේ මාසයේ ඇති වේ. දරුවන්ගේ කටයුතුවල හිතකර බවක් ඇති වේ. ඔවුන්ගේ විභාග සාමාර්ථ්‍යයන්, වෘත්තීය අවස්ථා හිමි වීම සිදු වේ. දරුවන්ගේ ජීවිතයේ අපේක්ෂා මල්ඵල ගැන්වේ.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකීමේදී තදබල පීඩාවන්ට ලක් නොවේ. සෞඛ්‍යයට හානිකර බවක් නොමැත. ප්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව ජීවිතය ගෙනයාමේ හැකියාවක් පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවල නියුතු වන අයට සුවිශේෂී මාසයක් වනු ඇත. බුද්ධියට, ඥානයට කාරක බුධ කේන්දරයේ 10 වැන්නේ සිට ලග්නය දැකීම නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු, විභාග සම්මුඛ පරීක්ෂණ කටයුතු ජයග්‍රහණ ඇතිවේ. මතක ශක්තිය, ධාරණ ශක්තිය වැඩි වේ.

මිථුන ලග්නය..
ඔබගේ කේන්දරයේ නව වැන්නේ පංච ග්‍රහ යෝගය යෙදී පවතී. 9 වැන්න යනු භාග්‍ය ස්ථානය වේ. ඔබගේ ජීවිතයේ අපේක්ෂා අරමුණු ඉෂ්ටසිද්ධ වන, ජය ගෙන දෙන මාසයක් ලෙස මාර්තු මාසය හැඳින්විය හැකිය.

ආර්ථිකය
ආර්ථිකමය වශයෙන් සුවිශේෂී සාර්ථකත්වයක් ඇති කරයි. වෘත්තීය කටයුතු වලදී එම අපේක්ෂාවන් ඉටුවීම, තමන්ගේ රැකියාවේ උසස්වීම් හිමිවීම, තමා බලාපොරොත්තු වන ආකාරයේ වෘත්තීමය පහසුකම් හිමිවීම සිදු වේ. ඊට සම්බන්ධ යහපතඅභිවෘද්ධිය සඳහා ඉතාමත් හිතකර වාතාවරණයක් ඇති වේ.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතේ කටයුතු සාර්ථක පවත්වා ගැනීමේ ඉඩකඩ හිමිවේ. විවාහ ජීවිතය ප්‍රශ්න,ගැටලු අර්බුධ වලින් තොරව සාමාන්‍ය අන්දමින් පවත්වාගත හැකි වනු ඇත. විශේෂයෙන්ම දූ දරුවන් සම්බන්ධවද හිතකර වාතාවරණයක් ඇති වේ.
සෞඛ්‍යය
සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැලකීමේදී කිසියම් ආකාරයක සෞඛ්‍යමය ගැටලු මතුවීමේ ඉඩ කඩක් පවතී. එනමුත්, සමස්තයක් ලෙස ගත් කල සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමේ හැකියාව ඔබ සතුව පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාලසීමාවක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු ප්‍රතිඵල හොඳ මට්ටමට පත්වේ. විභාග ආදියෙන් සමත් වේ. ධාරණ ශක්තිය, මතක ශක්තිය වැඩි දියුණු වේ. සම්මුඛ පරීක්ෂණ වලින් ඉහළ මට්ටමේ සාමාර්ථයක් හිමිවේ.

කටක ලග්නය..
ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව මේ මාසය කටක ලග්න හිමි ඔබ තරමක් විමසිලිමත්ව, නුවණින් යුක්තව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එම ග්‍රහයන් ගමන් කිරීම සිදුවන්නේ කේන්දරයේ අසුබ ස්ථානයක් වන 8 වැන්නේ බැවිනි.

ආර්ථිකය
රැකියා කටයුතුවල නොයෙකුත් ප්‍රශ්න. ගැටලු මතු විය හැකි මාසයකි. අනපේක්ෂිත බ පීඩා, ගැටලු මතු විය හැකිය. ආර්ථික වශයෙන් තරමක් ගැටලුකාරී තත්ත්වයට පත්වීමේ හැකියාව පවතී. එනිසා මේවා පිළිබඳ වඩාත් කල්පනාකාරී විය යුතුය.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු පිළිබඳ සැලකීමේදී ද බෙහෙවින්ම ඉවසිලිවන්තව විමසිලිමත්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණ හො යුග දිවියේ කටයුතුවල ආකූල ව්‍යාකූලතාවයක ඇතිවීමේ හැකියාවක් පවතී.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් යැයි වර්ණනා කළ නොහැකිය. පාප ග්‍රහයන් කිහිප දෙනෙකුම කේන්ද්‍රයේ අට වැන්නේ ගමන් කිරී රාහු, කේතු ආදී ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරය ආ කරුණු නිසා වැටීම්, තැලීම් අනතුරු, පීඩා, ලේ සෙලවීමේ. මුත්‍රා, මුත්‍රාශය සම්බන්ධ පීඩා ඇස් වලට සම්බන්ධ පීඩා ඇතිවිය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු වලදී මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට හිමි වේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධව පෙරට වැඩි උනන්දුවකින්, උත්සාහයකින්, කැපවීමකින් සහ විමර්ශනශීලී තත්ත්වයෙන් යුතුව කටයුතු කළ යුතුයි.

සිංහ ලග්නය..
ඔබේ කේන්ද්‍රය අනුව සැලකීමේදී පවත්නා ග්‍රහ තත්ත්වය මධ්‍යස්ථ බවක් පවතී. එනිසා මේ කාල සීමාව ඔබ ඉතාම විමසිලිමත්ව, ඉවසිලිවන්තව ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය මාසයක් බව පැවැසිය යුතුවේ. ආවේගශීලි නොවී ඉතාම සමබර මානසික තත්ත්වයෙන් යුතුව ක්‍රියාකිරීම එකම ප්‍රතිකර්මය වේ.

ආර්ථිකය
රැකි රක්ෂා කටයුතු පිළිබඳ සැලකීමේදී ඉතාම විමසිලිවන්තව ක්‍රියාකරන තරමට වෘත්තීමය, ආර්ථිකමය කටයුතු සාර්ථක කර ගැනුමට අවකාශ හිමි වේ. ඒ සමඟම ආර්ථිකමය ප්‍රගතිය, යහපත සුබ අසුබ මිශ්‍රව ඔබට ප්‍රතිඵල උදාකරනු ඇත.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු ද ඉතාම කල්පනාකාරීව, විමසිලිවන්තව ඉටුකර ගත යුතු වේ. ආවේගශීලිත්වය, වඩා වැඩිපුර සිතීම, වැනි කරුණු මග හරවා ගත යුතුය. නැතහොත් දෙදෙනා අතර මත ගැටුම් ඇති විය හැකිය. දු දරුවන්ගේ කටයුතු යහපත් වේ.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. සුබ අසුබ මිශ්‍ර ප්‍රතිඵල ඔබට හිමිවේ. වඩාත් ගැටලු ඇති නොවුණත් වැටීම්, තැලීම්. කකුල් අමාරු පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු යහපත්ව ඉටුකර ගැනීමට ඔබට අවකාශ හිමි වේ. එම ක්ෂේත්‍රයේ ප්‍රගමනයත්, සාර්ථකත්වයක්, දියුණුවත් ඇති වේ. විභාග සාමාර්ථ්‍යය, සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමි වේ. මතක ශක්තිය, ධාරණ ශක්තිය ගොඩනැඟේ.

කන්‍යා ලග්නය..
ඔබගේ හය වැන්නේ, පංච ග්‍රහබලය දක්නට ලැබේ. එය එතරම් උසස් මට්ටමක් නොවේ. එහෙත්, අනෙකුත් ග්‍රහයන්ගේ ගෝචරය අනුව මාර්තු මාසය ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල අත්කර දෙනු ඇත.
ආර්ථිකය
රැකියා හා ආර්ථිකමය කටයුතු වලදී යම් යම් ප්‍රතිවිරෝධතාවයන්, බාධාවන්, ඇති විය හැකිය. එනමුත් ඒවා මැඩගෙන වෘත්තිමය කටයුතුවල සාර්ථකත්වයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. ආර්ථිකමය වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිපලදායි තත්ත්වයක් පවතී. එනිසා වියහියදම් වලදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
ගෘහ ජීවිතය
ගෘහ ජිවිතයේ කටයුතු මධ්‍යස්ථව ඉටුකරගත හැකිවේ. කේන්දරයේ ග්‍රහ ගමන් අනුව, යුග දිවියේ දී තරමක බාධාකාරී ගැටලු. මත ගැටුම්, වැනි දේ ඇති විය හැකිය. එනිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව සැලකීමේදී කන්‍යා ලග්න හිමියන්ට තරමක ඌණතාවයන් ඇති කරන බව පෙනේ. උදරගත පීඩා, ආහාර දිරවීමේ පද්ධතිය ඇතිවන පීඩා, බඩවැල් සම්බන්ධව පීඩා ඇති විය හැකිය. එනිසා සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ආරෝග්‍යශාලා ගත වීමට පවා හේතුවිය හැකිය. එනිසා කැම්බිම්වලින් පරෙස්සම්විය යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට මේ මාසය එක්තරා මට්ටමක සුබදායි ප්‍රතිඵල උදාකර දෙන මාසයක් බව පැවැසිය හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධව ප්‍රතිඵලදායක වාතාවරණයක් ඇතිකර ගත හැකිය. විභාග, සම්මුඛ පරීක්ෂණ උසස් මට්ටමේ ප්‍රතිපල හිමි වේ.

තුලා ලග්නය..
ඔබගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව, මාර්තු මාසය ඔබට තම අපේක්ෂා අරමුණු, ඉෂ්ට සිද්ධ වන මාසයක් බව පැවැසිය හැකිය. තමාගේ ඉලක්කයන් කරා හඹා යෑමේ අවකාශ සැලසෙන කාල සීමාවකි.
ආර්ථිකය
රැකි රක්ෂා කටයුතු, ආර්ථිකමය කටයුතුවල ප්‍රගමනය. යහපත් බව ඇති වේ. වෘත්තීමය තෘප්තිය ඇති වේ. ආර්ථිකමය වශයෙන් යම් මට්ටමක ප්‍රගතියක් සාර්ථක බවක් ඇති වේ. රැකියාවේ උසස්වීම් හිමි වීම, තමා බලාපොරොත්තු වන ආකාරයේ වෘත්තිමය පහසුකම් හිමි වීම අපේක්ෂා කළ හැකි වේ.
ගෘහ ජීවිතය
යුගදිවිය පිළිබඳ සැලකීමේදී මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට හිමිකර දෙනු ඇත. යුගදිවියේ කටයුතු සමබරව පවත්වා ගැනීමේ හැකියාව පවතී. දුදරුවන්ට ද හිතකර වේ. ඔවුන්ගේ අපේක්ෂා මල්පල ගැන්වේ.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකීමේදී තුලා ලග්න හිමියන්ට එක්තරා මට්ටමක යහපත් වාතාවරණයක් ඇති කරනු ලබයි. එහෙත් හෘද නාල, ලේ ගමනාගමන සම්බන්ධව ඇතිවන පීඩාවන් ඇතිවිය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා මේ මාසය ඔබට යහපත් මාසයක් වේ. විද්‍යාස්ථානයේ ග්‍රහයන් පස්දෙනකු ගමන් කිරීම එයට හේතු වේ. තම කුසලතා විශේෂ දක්ෂතා අවධි වී, ප්‍රතිභාව වර්ධනය වී තමාගේ අධ්‍යාපන කටයුතු වල වඩාත් හොඳ ප්‍රවණතාවක් දක්වන කාලවකවානුවක් වේ.

වෘශ්චික ලග්නය..
ඔබගේ කේන්දරයේ ග්‍රහ ගෝචරය අනුව, ඔබට මේ මාසය මධ්‍යස්ථ ප්‍රතිඵල උදාකර දෙනු ඇත.
ආර්ථිකය
රැකියා කටයුතු වලදී ආකූල ව්‍යාකූලතා මතු විය හැකිය. එනිසා විමසිලිවන්තව දූරදර්ශීව එම කටයුතු සිදු කළ යුතුය. ආර්ථිකමය වශයෙන්ද යම් යම් අඩුපාඩු සහිත ගති, තමාගේ ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වන මුදල්මය තත්ත්වය කිසියම් ආකාරයක ඌණතාවයකට පත්විය හැකිය. එනිසා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ.
ගෘහ ජීවිතය
යුගදිවිය පිළිබඳව සැලකීමේදී මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට හිමි වේ. කේන්දරයේ දෙවැන්න 7 වැන්න පීඩා වලින් තොරවේ. එනිසා යුග දිවියේ කටයුතු වලදී මධ්‍යස්ථ බවක් පවතී.
සෞඛ්‍යය
හෘදයට සම්බන්ධ පීඩා මතුවිය හැකිය. පෙණහලු සම්බන්ධ පීඩා ගැන ද වඩාත් සැලකිලිමත් විය යුතුය. එලෙසම දණහිස් අමාරු, කොලෙස්ටරෝල් ආදි දේ සම්බන්ධ පීඩා ඇති විය හැකිය. අනාරක්ෂිත ස්ථාන වල ගමන් කරන විට වැටීම්, තැලීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වඩාත් වැඩි උනන්දුවක් හා වඩාත් වැඩි කැපවීමක් ඇති තරමට ප්‍රතිඵල ලබා ගත හැකිය. පොතපතකියවීම, අධ්‍යාපනයේ නියුක්ත වීම ආදී දේවලදී පෙරටට වඩා වැඩි උනන්දුවක් උත්සාහයක් යෙදීමෙන් ධාරණ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට හැකි වේ.

ධනු ලග්නය..
ධනු ලග්න හිමි ඔබගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව මාර්තු මාසය ඔබට යම් ආකාරයක යහපතක්, අභිවෘද්ධියක්, සාර්ථකත්වයක් උදාකරන මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය
වෘත්තීමය හා ආර්ථික කටයුතු වල සාර්ථකත්වය ඇති වේ. උනන්දුව, උත්සාහය, කැපවීම මත බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වේ. තමන්ට වඩා උසස් නිලධාරීන්, තම සේවාව අගයන ආකාරයේ නිර්දේශ ලබාදීමට අවකාශ ඇත. වෘත්තීමය යහපතඇති වේ. මුදල්මය වශයෙන් සතුටුදායක වාතාවරණයක් ඇති වේ. ධන ලාභ ගෙන දේ.
ගෘහ ජීවිතය
යුග දිවියේ කටයුතු ද හිතකර වේ. සමගිය, සමාදානය, පවුලේ සුබ සිද්ධිය ඉටුවන කාලයකි. දූ දරුවන් සම්බන්ධව හිතකර බවක් ඇති වේ. ඔවුන්ගේ විභාග සාමාර්ථ්‍යයන්, වෘත්තීය අවස්ථා හිමි වීම සිදුවේ. ඔවුන්ගේ ජීව්තයේ අපේක්ෂා මල්ඵල ගැන්වේ.
සෞඛ්‍යය
ඔබගේ කේනදරයේ ග්‍රහ ගෝචරය අනුව සෞඛ්‍යමය පීඩා ගෙන නොදේ සෞඛ්‍ය තත්ත්වය සමබරව පවත්වා ගෙන යාමට මේ කාල සීමාවේදී ඔබට හැකි වේ. සෞඛ්‍ය පිළිබඳව වඩාත් ගැටලු ඇති නොවුණත් වැටීම්, තැලීම්, කකුල් අමාරු පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය.

අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු වලදී සාර්ථක ප්‍රතිපල අත්කර ගැනීමේ හැකියාව පවතී. විභාග සාමාර්ථ්‍යය. සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමි වේ. මතක ශක්තිය, ධාරණ ශක්තිය ගොඩනැඟේ. අධ්‍යාපන කටයුතු සඳහා සුබ කාල පරාසයක් බව පැවැසිය හැකිය.

මකර ලග්නය..
මකර ලග්න හිමි ඔබගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව, මාර්තුව මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට ගෙන දෙන මාසයක් බව පැවැසිය හැකිය. එහෙත් එක්තරා මට්ටමකින් ඉතා හොඳ ජයග්‍රාහී මාසයක් බවද කිව යුතුය.
ආර්ථිකය
තම අපේක්ෂා අරමුණු මල්පල ගැන්වේ. ආර්ථිකමය කටයුතු, වෘත්තීමය කටයුතු සාර්ථකත්වයකින් යුතුව කරගෙන යාමට සුදුසු වාතාවරණයක් ඇති වේ.
ගෘහ ජීවිතය
යුග සැපත සම්බන්ධයෙන් සැලකීමේදී තරමක් පරෙස්සම් විය යුතුය. තද බල පීඩා ගෙන නුදුන්නද හිතේ සතුට, සන්තෝෂය, ප්‍රීතිය කිසියම් ආකාරයකින් ඌණතාවයකට පත්විය හැකිය. ඒ ගැන කල්පනාකාරී විය යුතුය. දූ දරුවන්ට ජයග්‍රහණ, යහපත් ප්‍රතිඵල, අරමුණ අපේක්ෂා ඉටු වීම සිදුවේ.
සෞඛ්‍යය
මකර ලග්න හිමි ඔබගේ සෞඛ්‍යය මධ්‍යස්ථව පවත්වා ගැනීමට අවකාශ සැලසේ. මුත්‍රා සම්බන්ධ පීඩා, මුත්‍රාශය සම්බන්ධ පීඩා, ඇස් වල පීඩා, ලේ ගමනාගමනය සම්බන්ධ පීඩා, කොලෙස්ටරෝල් සම්බන්ධ පීඩා ගැන සැලකිලිමත් විය යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා ඉතාම හිතකර මාසයක් වේ. විභාග වලින්, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහළ සාමාර්ථ ලැබේ.

කුම්භ ලග්නය..
ඔබගේ ලග්නයට සාපේක්ෂව පංච ග්‍රහ යෝගය පවතින්නේ ලග්නයේම වේ. එය විශිෂ්ට වේ. කුම්භ ලග්න හිමියන්ට මාර්තු මාසය පෙරළිකාර මාසයක් වන බව පැවැසිය හැකිය.
ආර්ථිකය
හොඳ ප්‍රතිඵල ලද හැකිය. කල්පනාකාරීව කටයුතු කළ යුතුය. එසේ නොවුවහොත් අයහපත් ප්‍රතිඵල ලද හැකිය. රැකි රක්ෂා ආදායම් මාර්ග පිළිබඳ කටයුතු වලදී ඉවසිලිවන්තව, විමසිලිමත්ව කටයුතු කළ යුතු වේ. ඉවසිලිමත් කටයුතු කරන තරමට තමාගේ යහපත. අභිවෘද්ධිය, සාර්ථකත්වය ඉතාම හොඳ මට්ටමෙන් පවත්වාගත හැකිවේ. රැකියා උසස්වීම්, හිමි වේ. ආර්ථිකය හිතකර වේ. ලොතරැයි ජයග්‍රහණ හිමිවිය හැකිය. හදිසි ධනයෝග ඇත.
ගෘහ ජීවිතය
ගෘහ ජිවිතයේ මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට හිමිවේ. ආවේගශීලි ගති, මුරණ්ඩු ගති, දැඩ් මතධාරී ගති ඇතිවිය හැකිය. එනිසා බෙහෙවින්ම කල්පනාකාරී ව් ඉතාම නිවුණු ආකාරයෙන් ක්‍රියා කිරීම වචන සංයමයෙන් ප්‍රකාශ කිරීම යන කාරණා ගැන අවධානය යොමු කළ යුතුය.
සෞඛ්‍යය
වැටීම්, තැලීම් අනතුරු පීඩා ගෙන දිය හැකිය. ලේ සෙලවීම් සිදුවිය හැකිය. රුධිර ගත පීඩා, අර්ශස් පීඩා මතු විය හැකිය. ඇස්වල පීඩා ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා ගීත කර කාල පරිච්ඡේදයක් වේ. දක්ෂතා වර්ණවත් කරගනිමින් තම ප්‍රතිභාවය දැක්වීමෙන්, දක්ෂ තාවයට සුදුසු ආකාරයේ ප්‍රතිචාර ලැබේ.

මීන ලග්නය..
ඔබගේ ග්‍රහ පිහිටීම් ගැන සලකා බලත් දී කේන්දරයේ 12 වැන්නේ පංච ග්‍රහ පිහිටීම් ගෝචර වේ. ඔබට මේ මාසය මිශ්‍රඵල ගෙන දෙන මාසයක් බව ග්‍රහගෝචරය අනුව පැවැසිය හැකිය.
ආර්ථිකය
අනපේක්ෂිත ආකාරයෙන් මුදල් හදල් වියදම් වීම, ධන හානි ඔබට සිදුවිය හැකිය. එනිසා ආර්ථිකමය කටයුතු වලදී මුදල් ණයට ලබාදීම, ගිව්සුම් සඳහා අත්සන් කිරීම ඉතාම කල්පනාකාරීව සිදු කළ යුතු වේ. එම දේවල් සඳහා සම්බන්ධ නොවන තරමට ඔබට සුබ වේ. රැකියා වෘත්තීමය කටයුතු වලදී යම් ආකාරයක සුබදායී තත්ත්වයක් ඇති කරයි. එනිසා එම කටයුතු සම්බන්ධව ප්‍රගතියත්, යහපතක් ඇති වේ.
ගෘහ ජීවිතය
ගෘහ ජිවිත‌යේ කටයුතු මධ්‍යස්ථව ගෙන යා හැකිය. තමාගේ සහකරු හෝ සහකරියට කිසියම් ආකාරයක සුළු රෝගාබාධ ඇති විය හැකිය. ඒ පිළිබඳ කල්පනාකාරී වීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය.
සෞඛ්‍යය
ඔබගේ සෞඛ්‍යය තත්ත්වයේ යම් යම් පීඩා ඇති වේ. උදරගත පීඩා, ආහාර දිරවීමේ ගැටලු මතු වේ. ඇස් වලට සම්බන්ධ පීඩා, දණහිස් අමාරු, යටිපතුල් උඩු පතුල් සම්බන්ධව පීඩා ඇති වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනය කටයුතු සාර්ථක වේ. මතක ශක්තිය, ධාරණ ශක්තිය වැඩි දියුණු වේ. තම ඉලක්ක සපුරා ගත හැකි වේ. විභාග සාමාර්ථ්‍යය, වෘත්තීය අවස්ථා වල ජයග්‍රහණ සිදුවේ. ජීවිතයේ අපේක්ෂා මල්ඵල ගැන්වේ.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 

 

Post a Comment

0 Comments