Ticker

6/recent/ticker-posts

ජනාධිපති රටට හුණ්ඩුව කීවේ නෑ… විපක්ෂෙට උපමාවක් තේරුම් ගන්න බෑ…! – කෞෂල්‍යා ආරියරත්න


 ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සඳහන් කළ උපමාව තේරුම් ගැනීමට විපක්ෂයට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බව නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.


ඒ අනුව, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට භාර ගැනීමට සිදු වූයේ හුණ්ඩුවක් ලෙස බවයි ඇය පෙන්වා දෙන්නේ.

එම හුණ්ඩුව රටක් බවට පත් කිරීමට කොපමණ මහන්සි වී ඇත්දැයි ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

බලශක්තිය හා තෙල් පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා රුපියල් බිලියන 47.6 ක විශාල ආයෝජනයක් සිදු කර ඇති බවත්, දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාව සඳහා මෙතෙක් කිසිවක් නොකළ බවට විපක්ෂය චෝදනා කළ ද එහි බොහෝ කටයුතු සිදු කර අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

 

Post a Comment

0 Comments