පවතින තත්වය හමුවේ ගුවන් ගමන්වලට කුමක් සිදුවේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.
ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සමග මැදපෙරදිග ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරන්නේ නියමිත ගුවන් ගමන් ප්‍රමුඛ කාලසටහනට වඩා ප්‍රමාද විය හැකි බවයි.
බ්‍රිතාන්‍යය, යුරෝපය සහ අනෙකුත් උතුරු දිශානුගත ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා මෙලෙස බලපෑමට ලක්ව ඇති බව සඳහන්.
මීට පෙර ඉරාන සහ ඊශ්‍රායල ගුවන් සීමා හරහා ගමන් කළ ගුවන් යානා, දැන් සෞදි අරාබි ගුවන් සීමාව හරහා වෙනත් මාර්ග ඔස්සේ (Rerouted) ගමන් කිරීමටයි උපදෙස් දී තිබෙන්නේ.
ගුවන් මාර්ග වෙනස් කිරීම සහ ගුවන් ගමන් කාලය ඉහළ යාම හේතුවෙන් අදාළ ගමනාන්ත වෙත ළඟා වීමේදී සැලකිය යුතු ප්‍රමාදයන් සිදු විය හැකි බව ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙනවා.
ඉරානය සහ ඊශ්‍රායලය සිය ගුවන් සීමාවන් සිවිල් ගුවන් ගමන් සඳහා සම්පූර්ණයෙන් වසා දැමීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

0 Comments