රට තුළ මේ වන විට පවතින ගෑස් සැපයුම් තත්ත්වය පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ සමාගම පවසන්නේ මෙරට LP ගෑස් සැපයුමට ඇති වූ බාධාකාරී තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින්, දිවයින පුරා අඛණ්ඩව ගෑස් බෙදා හැරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි.
මෙරට LP ගෑස් සැපයුම ශක්තිමත් කිරීමේ අරමුණින්, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක පමණ තොගයක් රැගත් FRANCOIS නෞකාව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර, එහි ගෑස් ගොඩ බෑමේ කටයුතු ඊයේ දිනයේදීම ආරම්භ කර තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 23 වන දින සිට ඊයේ දිනය දක්වා දිනකට ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 LP ගෑස් සිලින්ඩර 90,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් වෙළඳෙපාළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබෙනවා.
මෙය මෙරට දෛනික වෙළඳපළ අවශ්‍යතාව වන සිලින්ඩර 74,000ක පමණ ප්‍රමාණය ඉක්මවා යාමක් දැනට පවතින වෙළඳෙපාළ ඉල්ලුම සපුරාලීම සඳහා ඉදිරි දින කිහිපය තුළද මෙම වැඩි කළ සැපයුම් මට්ටම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමාගම අපේක්ෂා කරන බවයි වාර්තා කළේ.
ඒ අනුව අඛණ්ඩව දිනකට ගෑස් ටැංකි (සිලින්ඩර්) 100,000 බැගින් වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මීට අමතරව, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක පමණ තොගයක් රැගත් තවත් නෞකාවක් සෙනසුරාදා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව වාර්තා වනවා
මේ අතර වෙළඳ පළ තුළ ගෑස් ඉල්ලුම මේ ආකාරයට ඉහල යෑමට ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් ජාලයේ ඇතිව ඇති බිඳ වැටීම ද හේතු වී තිබෙනවා.
එම තත්වය නිරාකරණය සඳහා මේ වන විට රජය මැදිහත් වෙමින් සිටිනවා. සාමාන්‍යයෙන් ලිට්රෝ සමාගම දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් 1150 ක් පමණ වෙළඳ පළට සපයනු ලබනවා.
කෙසේ වෙතත් ලාෆ් සමාගමේ ඇතිව ඇති තත්වය හේතුවෙන් මේ වන විට ලිට්රෝ ගෑස් සඳහා ඉල්ලුම මෙට්‍රික් ටොන් 1650 ක් දක්වා 500 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මෙරට ගෑස් වෙළඳපළ තුළ තද බදයක් නිර්මානය වීමට මෙම තත්වය ද හේතු වී තිබෙනවා.
තත්වය පාලනය සඳහා මේ වන විටත් රජය මැදිහත්වී කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
අධික ඉල්ලුම යටතේ වුවද පවතින තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු කියා මාර්ග අඛණ්ඩව ගනිමින් සිටින බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.