Ticker

6/recent/ticker-posts

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්.!


 

 ඉදිරි පැය 24 තුළ තවදුරටත් ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද සඳහන් කරයි.

ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳව අවධානය යොමු කරන ලෙසද ජනතාවට දැනුම් දෙයි.

තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 50-60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


Post a Comment

0 Comments