රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියාසිටියේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මම රුපියල් 100ක් දැම්මොත් එකෙන් කීයක් බදු හැටියට ගන්නවද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ
“අන්තර්ජාලය භාවිතාකරනවානම් ඒකට Telecommunication Levy කියන බද්ද අයිති වෙන්නේ නෑ. 15%ක් Effective Tax පාරිභෝගිකයාට එරෙහිව Broadband නැතුව අනෙක් Voice පහසුකම් සඳහා 38.4ක් Broadband වලට එන්නේ 20.3ක් වගේ වෙන්නේ Effective Tax එක.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – අපි හිතමු තරුණියක් සහ තරුණයෙක් ඩේටාවලින්නේ කතා කරන්නේ. එහෙම කතාකරන්න 100ක් දැම්මොත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ – “එකෙන් 20.4%ක් අඩුවෙනවා. රුපියල් 100යෙන්.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – එතකොට මට රුපියල් 80ක් පාවිච්චි කරන්න පුළුවන් ? අර කලින් කියපු 38.4ක බද්ද ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ – “ඒ ඩේටා නැතුව නිකන් පාවිව්චි කරනවානම් 38.4ක බද්ද අය වෙනවා.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – ඩේටයි, වොයිසුයි දෙකමනේ භාවිත කරන්නේ ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ – “ඒක හරි එතකොට බදු එකතු කිරීමේදී ඩේටාවලට Effective Tax එක 20.3යි වොයිස්වලට 38.4යි.”
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නෑ. මම අහන්නේ මේක Prepaid නේ… මම රුපියල් 100ක් දානවා මම කෝලුත්කරනවා, වට්ස්ඇප්වලිනුත් ගන්නවා. එතකොට රුපියල් 100ක් දැම්මොත් එකෙන් මට කීයක් ද පාවිච්චි කරන්න පුළුවන්ද ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ – “ඒක ඔබ පාවිව්කරන ස්භාවය අනුව.”
ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි දුරකථන සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් පාසල් ළමුන් දුෂ්කරතාවට පත්ව සිටින බව එහිදී නිමල් පලිහේන මන්ත්‍රීවරයා කාරක සභාවේ අවධානය යොමු කළේය.

0 Comments