රජය විසින් පූර්ව අවදානම් කලාපයක් ලෙස නිවේදනය කළ ප්‍රදේශයක හෝ අවදානමක් පවතින බවට හැඟීම් ඇති විට, ආරක්ෂිත ස්ථානයකට හෝ ආපදා මධ්‍යස්ථානයකට වහාම යොමු විය යුතු බව පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිකුත් කළ එම නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා.
“මෙම දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හි පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩා වැටීම්, ජල ගැලීම් සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් මහජනතාව අනතුරු වලට හා පීඩාවට පත් වී ඇත.
සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රජය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අපදා කළමණා කරන නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ඔවුන් විසින් ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපැදීම මහජනතාවගේ වගකීමක් වන අතර ඔවුන් විසින් ලබාදෙන උපදෙස් හා පූර්ව දැනුම් දීම් නිසි ලෙස පිළිපදින ලෙසට දන්වා සිටිමු.
රජය විසින් යම් කිසි ප්‍රදේශයක් පූර්ව අවදානම් කලාපයක් ලෙස නිවේදනය කර ඇත්නම් හෝ තමන් සිටින යම් ප්‍රදේශයක අවදානමක් පවතින බවට තමාට හැඟේ නම් වහාම ආරක්ෂිත ස්ථානයකට හෝ රජය මගින් ස්ථාපිත කර ඇති ආපදා මධ්‍යස්ථාන වලට හැකි ඉක්මනින් යොමු වෙන ලෙස දැනුම් දෙනු ලබයි.
යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මේ වන විට ආපදාවට ලක්ව සිටි නම් හැකි ඉක්මණින් පොලිසිය හෝ සහන කණ්ඩායම් වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස පොලිසිය දන්වා සිටියි. ආපදා මධ්‍යස්ථානවලට අවශ්‍ය ආහාර හා සනීපාරක්ෂක කටයුතු හා අනෙකුත් පහසුකම් එම මධ්‍යස්ථානවල සලසා ඇත.
ඔබ රජවාහන වලින් ගමන් කරන්නේ නම් අවදානම් කලාප මගහැර ඉතා කෙටි ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට කටයුතු කරන ලෙසත්, විනෝද චාරිකා ආදි අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් මෙම ආපදා තත්ත්වය පහව යන තුරු සිදු නොකිරීමට වග බලා ගන්නා ලෙසටත් දැනුම් දෙමි.
තවද, මෙම ආපදා තත්ත්වය පහව යනතුරු අනතුරු සහිත ප්‍රදේශ නැරඹීමට හෝ අනාරක්ෂිත ස්ථාන වල ජල ක්‍රීඩා නොකිරීමටත්, ලබාදෙන ලද උපදෙස් හා පූර්ව දැනුම් දීම නිසියාකාරව පිලිපදින ලෙසටත් පොලිසිය මහජනතාවට දැනුම් දෙමි.

0 Comments