මේ සිද්ධිය ගැන කවුරුත් අවධානයෙන් කතා කළා. ඇත්තටම මොකක්ද ඒ සිද්ධ වුණේ..?
අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ගුවනින් සහන සලසමින් සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නපප්පුව පොලිස් වසමේ ගිං ඔයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්තාවක් ලබන 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට නියම කළා.
මෙම හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව කඩා වැටීමෙන් මිය ගිය එහි ප්‍රධාන නියමුවා ලෙස යානය පියාසර කරවමින් සිටි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ (41) මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා දේහය ඔහුගේ පවුලේ ඥාතීන්ට බාර දෙන ලෙසයි මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

0 Comments