Ticker

6/recent/ticker-posts

රෝගීන් දෙදෙනෙකු හදිසියේම මරුට.. එන්නත තුල විෂබීජ.?


එන්නතක් විදීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාම හේතුවෙන් එන්නත් කාණ්ඩ‍ හතරක් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇත.

වමනය, ඔක්කාරය සහ ක්ලාන්තය සඳහා ලබාදෙන “ondesterone” නමැති එන්නත විදීමෙන් පසු රෝගීන් දෙදෙනකු මියගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරීය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ එන්නත තුල විෂබීජ ඇති බවට වූ වාර්තාවක් මත පසුගිය (12) වැනිදා සිට එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබුණේය.

ඒ අනුව එම එන්නතේ කාණ්ඩ 4ක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.

අදාළ එන්නත පසුගිය (10) වනදා එක් රෝගියෙකුට ලබාදී ඇති අතර ඔහු මියගොස් ඇත්තේ මෙම එන්නතේ සංකුලතා මතද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. 



 

Post a Comment

0 Comments