Ticker

6/recent/ticker-posts

ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට වරෙන්තු

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවකට  (12) දින පෙනී නොසිටීම හේතුවෙන් ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලි ට වරෙන්තු නිකුත් කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග ක‍ර ඇත.

ඒ අනුව හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා වන අරුණ ප්‍රේමශාන්ත යන අයට අධිකරණය ඉදිරිපිටදී බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද (12) දින විභාග වී තිබුණා.

එහෙත් එම නඩුව වෙනුවෙන් විත්තිකාර තිලිණි ප්‍රියමාලි පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එමෙන්ම විත්තිකාර තිලිණි පියමාලි වෙනුවෙන් නඩු විභාගය සදහා කිසිදු නීතිඥයෙකු හෝ ඉදිරිපත්ව නොසිටිමද දක්නට ලැබී ඇත. කෙසේ වෙතත් එළඹෙන ජුනි 15 දින යළි නඩු විභාගය සිදු කිරීමට නියමිතයි.



 

Post a Comment

0 Comments