Ticker

6/recent/ticker-posts

දිට්වා නිසා අධ්‍යාපන කඩාකප්පල් වුණු දරුවන් ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? මේ සුළි කුණාටුව නිසා ඔවුන්ට සිදුවුණු දේ මෙන්න..


දිට්වා සුළි කුණාටුව අපේ රටේ මොන තරම් පිරිසකට බලපෑම් කළාද..?

තවමත් බොහෝ පිරිසක් ඔවුන්ගේ ජීවිත ආරම්භ කරන හැටි ගැන  අදහසක් නැතුව කාලය ගත කරනවා.


තවත් පිරිසකට තමන්ගේ ආදරණීයයන් අහිමිවෙලා. එවැනි කතා දහසක් මැද මේ ඇසෙන්නේ දිට්වා නිසා බලපෑමට ලක්වුණු දරුවන් ගැන කතාවක්.


දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදාවල බලපෑම ශ්‍රී ලංකාවේ ළමයින් 5,61,000ට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට හේතු වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙනවා.

එමෙන්ම මෙම ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ හතරකට වැඩි පිරිසකගේ ආරක්ෂාව අවදානම් සහගත වී ඇති බවත්, පීඩාවට පත්වූ මිලියන 1.1 පමණ පිරිසකට පිරිසුදු ජලය සහ සෞඛ්‍ය සේවා ලබාගැනීම දුෂ්කර වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.

යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම ආදිය සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බවද එහි සඳහන්ය. කෙසේ වෙතත් ළමා ආරක්ෂාව, පිරිසුදු පානීය ජලය, සනීපාරක්ෂාව, පෝෂණය සහ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් හිඩැස් පවතින බවද එම වාර්තාව සඳහන් කරනවා

මෙම තත්ත්වය මත ළමා හිතකාමී පරිසරයක් ක්‍රියාත්මක කිරීම, පීඩාවට ලක්වූවන්ට පිරිසුදු ජලය ලබාදීම, මනෝ සමාජයීය සහන ලබාදීම, වයස අවුරුදු පහට අඩු දරුවන්ට මෙන්ම ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට අතිරේක ආධාර ලබාදීම ආදිය සඳහා යුනිසෙෆ් සංවිධානය ආධාර සපයන බවත්, ඉදිරි සති කිහිපය තුළ මෙම සේවාවන් තවදුරටත් පුළුල් කරන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. 


 

Post a Comment

0 Comments