Ticker

6/recent/ticker-posts

අමාරුවෙන් ගත්ත ත්‍රීවීල් එක ගිනි ගනිද්දී මොනවා හිතෙන්න ඇද්ද? අමාරුවෙන් හම්බ කරපු හීනයක් අළු වුණු මොහොත.


සමහරුන්ට ත්‍රීවීලර් එකක් කියන්නේ තවත් එක වාහනයක් විතරක් වුණාට, තවත් කෙනෙක්ට ඒක තමන්ගේ මුළු ජීවිත කාලෙම එකතු කරපු "මහන්සියේ ප්‍රතිඵලය". 



අද සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන මේ ඡායාරූපය දකින ඕනෑම කෙනෙක්ගේ පපුව හෝස් ගාලා පත්තු වෙන්නේ ඒ නිසයි.

"අමාරුවෙන් ගත්ත ත්‍රීවීල් එක ගිනි ගනිද්දී මොනවා හිතෙන්න ඇද්ද?"

ඡායාරූපයේ තියෙන මේ වැකියේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. හිතන්න, මේ මනුස්සයා මේක ගන්න කීයක් නම් දුක් විඳින්න ඇතිද? කී දවසක් රෑ නිදි මරන්න ඇතිද? සමහරවිට මේක ලීසිං එකක් වෙන්න ඇති, නැත්නම් පවුලේ හැමෝගෙම රන් අබරණ උකස් කරලා ගත්ත එකක් වෙන්න ඇති.

වාහනයක වයරින් සහ ඉන්ධන පද්ධතිය ගැන නිතර සැලකිලිමත් වීම ඉතා වැදගත්. සුළු කාන්දුවක් මුළු ජීවිතයක්ම අළු කරන්න පුළුවන්.ඕනෑම වාහනයක කුඩා හෝ ගිනි නිවන උපකරණයක් (Fire Extinguisher) තබා ගැනීම මෙවැනි අවස්ථාවක ලොකු හයියක්.

මේ මනුස්සයාගේ දෑස් පනාපිටම තමන්ගේ හීනය අළු වෙලා යනවා දකිද්දී ඔහුට දැනෙන අසරණකම කාටවත් විස්තර කරන්න බැහැ.


 

Post a Comment

0 Comments