Ticker

6/recent/ticker-posts

ධර්මශාලාවේ නිධන් හැරූ හිමිනමක් අත්අඩංගුවට


ගාලදිවුල්වැව ප්‍රදේශයේ විහාරස්ථායක හිමි නමක් නිධන් ලබා ගැනිමේ අරමුණින් ධර්මශාලාවේ කැණීම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත්බව ගාලදිවුල්වැව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේ 47 හැවිරිදි භාරකාර හිමිනමකි.

මෙම හිමිනම සිය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ නිධන් හාරමින් සිටින බවට පොලියේ අංක 119 දුරකතනයට පුද්ගලයෙකු ලබාදුන් ඇමතුමක් අනුව හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරින් එම ස්ථානයට යන අවස්ථාවේදි හිමිනම තනිව ධර්ම ශාලාවේ අඩි 04ක් පමණ ගැඹුරට පොලොව හාරා තිබු බවත් පොලිසිය පවසයි.

 

Post a Comment

0 Comments